මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊයේ (24) රාත්‍රියේදී සාකච්ඡාවට ගනු ලැබිය.

 

මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සම්බන්ධයෙන් යළි විමසා බැලීමට පත්කළ කොමිෂන් සභා ගැන සිය ස්ථාවරය පැහැදිලි කළාය.

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සදහන් කළේ “2015 ලබා දුන් කැපවීම් පසෙකලා වර්තමාන රජය කළින් සිටි රජය මෙන්ම සත්‍යයේ සෙවීම සහ වගවීමේ ක්‍රියාවලිය අව්‍යාජව සිදු කළේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ ක්‍රියාවලීන් ප්‍රතිපත්ති සහ නිලධාරීන් තවමත් සිටිනවා. ඒවා නැවත බලගැන් වී තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් ප්‍රධාන ආයතන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ රජය ප්‍රතිපත්තිය හරහා සුළු ජාතීන් වන මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එය වේදනාවක් හා පීඩනයක් ඇති කර තිබෙනවා. රජයන් විසින් පත් කළ කොමිසම් හරහා වගවීම සහතික කිරීමට අපොහසත් වී තිබෙනවා. 2021 ජනවාරි මාසයේ ස්ථාපිත කරන ලද කොමිසම හරහා පැවති කොමිසම්වල නිර්දේශයන් යළි සලකා බලන්න ගත් තීරණයෙන් කිසිදු ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් නැහැ . මගේ කාර්යාලය වගවීම හා සංහිඳියාව පිළිබඳව ප්‍රගතිය අධීක්ෂණය කිරීමට සූදානම්ව සිටිනවා” යනුවෙනි

මෙම අවස්ථාවේ විදේශ අමාත්‍ය, දිනේශ් ගුණවර්ධන පැවසුවේ “මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ හරහා මෙම වපසරිය අසාධාරණය පුළුල් වී තිබෙනවා. ගරුත්වයක් ඇති ස්වෛරී රටක අභ්‍යන්තර පාලනයට අදාළ කරුණු මෙහි ඇතුළත්. කණගාටුවට කරුණක් වන්නේ. මහකොමසාරිස්වරියගේ කාර්යාලය මෙම වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග ඊට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. මේ වාර්තාවට ශ්‍රී ලංකාවේ පිළිතුරු ලබා දීමට ඇමුණුමක් ලෙස ලබා දීමටවත් පියවර දුන්නේ නැහැ. සාමාජික රටවල්වලින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටිනේ මේ වාර්තාව හරහා ඉදිරිපත් වන කිසිදු යෝජනාවලියකට සහාය නොදක්වන ලෙසයි. මෙය නිමා කරන්න” යනුවෙනි.

අමාත්‍යවරයාගේ සම්පුර්ණ කතාව පහතින්