මියන්මාරයේ විරෝධතාකරුවන් 18ක් මරුට

Share

ඊයේ දිනය තුළදී මියන්මාරයේ පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18ක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල අඳුරුතම දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ඊයේ (28) දිනය නම් කර තිබේ.

රටේ හමුදා පාලනයක් පිහිට වූයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනෙකුම හමුදා භාරයට ගනිමින් ඉකුත් පෙබරවාරි පළමු වැනි දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයන් බලයෙන් පහකෙරුණි.

එම කුමන්ත්‍රණයට ජාත්‍යන්තරයෙන් මෙන්ම රට තුළින්ද බලවත් විරෝධයක් එල්ලවිය.

සතියක පමණ කාලයක් පැවති සාමකාමි විරෝධතා අවසන් කරමින්, පොලීසිය යොදාගෙන යළි විරෝධතා මර්දනය කිරීමට ඉකුත් සෙනසුරාදා සිට හමුදා පාලකයන් කටයුතු කරමින් සිටී.

මෙසේ සිය ගණනක් විරෝධතාකරුවන් විථි බැස විරෝධතාවල නිරත වි තිබෙන අතර ඔවුන් තාවකාලික ආරක්ෂක ආම්පන්න වලින් සැරසී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය ආයතන විසින් පළ කරන ලද පින්තූරවල එරට ප්‍රධාන නගරයක් වන යැන්ගොන් හි පැවති විරෝධතාවන්ගෙන් ලේ වැගිරෙන පුද්ගලයින් කිහිප දෙනෙකුට උදව් කරන බවක් දක්නට ලැබුණද, ඔවුන්ට රබර් උණ්ඩ හෝ ගින්නෙන් තුවාල සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැත.

එරට පොලිසිය විසින් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව සිය මෝටර් රථ වලින් බැස අත්බෝමිබ එල්ල කිරිමට පටන් ගත් බව යැන්ගෝහී විරෝධතාකරුවන් අතර සිටි ගුරුවරයෙකු වන හේමන් මේ හින්සි සදහන් කර තිබේ. පසුව විරෝධතාකරුවන් අසල පිහිටි ගොඩනැගිලි වෙත පළාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඊයේ දිනයේද විරෝධතා මැඩපැවැත්වීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ තුවක්කු වලින් අහසට වෙඩි තබමින් පොලීසිය විසින් පියවර ගැනීමත් සමඟ රට පුරා නගරවල දැඩ් නොසන්සුන්තාවයක් ඇති විය.

නිල ඇඳුමින් සැරසුණු පොලිසිය සහ සිවිල් ඇඳුම්න් සැරසුණු ආරක්ෂක භටයන් සමාජ ශාලා වෙතටද ප්‍රහාර ඒල්ල කර තිබෙන බව විදෙස් මාධය වාර්තා කරයි. කෙසේවෙතත් MRTV රූපවාහිනිය වාර්තා කළේ මේ වන විට පුද්ගලයින් 470 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වෙයි. “ජනතාව සාමකාමීව විරෝධතා දක්වන නමුත් ඔවුන් අපට ආයුධවලින් තර්ජනය කරනවා” යැයි තරුණ ක්‍රියාකාරිකයකු වන ෂාර් යමෝන් පැවසීය. විරෝධතාකරුවන් පවසන්නේ ” පරම්පරා ගණනාවකට පසු සිදුවෙමින් පවතින මෙම මිලිටරි හිරිහැර කිරීම අවසන් කිරීමට අපි සටන් කරන්නෙමු” යනුවෙනි. පසුගියදා විරෝධතාවල නිරතව සිටියදී හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් 9 වනදා විරෝධතාවල නිරතව සිටියදී අදාළ තරුණියගේ හිසට වෙඩි වැදී ඇති බවයි. වෙඩි වැදීම හේතුවෙන් ඇයගේ හිසට දැඩි තුවාල සිදුව තිබූ බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබුණි. හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලදී ජීවිතක්ෂයට පත් පළමු මියන්මාර පුරවැසියා ඇයයි.

මිලිටරි ජුන්ටාවේ නායක ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් පැවසුවේ බලධාරීන් අවම බලය යොදවා ඇති බවයි. කෙසේවෙතත්, නොසන්සුන්කාරී තත්ත්වයෙන් හමුදාව පවසන්නේ නොසන්සුන්තාවයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවයි. මේ අතර සෙනසුරාදා ප්‍රචණ්ඩත්වය ඇති වූයේ කියු මෝ ටුන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් තමා අවුන් සාන් සූ කීගේ රජය වෙනුවෙන් කතා කරමින් කුමන්ත්‍රණය අවසන් කිරීමට උදව් ඉල්ලා සිටීමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජුන්ටාව මියන්මාරයේ නව රජය ලෙස නිල වශයෙන් පිළිගෙන නොමැත. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘ තානාපතිවරයාගේ “ධෛර්ය සම්පන්න ක්‍රියාව” ගැන තමා පුදුමයට පත් වූ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, “එම ධෛර්ය සම්පන්න ඇමතුමට ක්‍රියාවෙන් ලෝකය පිළිතුරු දිය යුතු කාලය මෙයයි” යනුවෙනි.

තවදුරටත් පොලිසිය අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන අතර එය නොතකා විරෝධතාරුවන් විරෝධතාවන්හී නිරත වෙයි.

ඉකුත් පෙබරවාරි 1 වන දා මියන්මාර නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව රටේ පාලන බලය සියතට ගත් අතර පසුව මෙම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හා යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් මියන්මාර වැසියන් වීථි බැස විරෝධතාවල නිරත වෙයි.

ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය.

වසර 50 කට ආසන්න හමුදා පාලනයෙන් පසු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමන අඩාල කළ කුමන්ත්‍රණය, ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් වීදිවලට ​​ගෙනැවිත් බටහිර රටවලින් හෙළා දැක ඇති අතර සමහර පිරිස් සීමිත සම්බාධක පැනවූහ.

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් පෙබරවාරි 1 වැනිදා එරට බලය අත්පත් කරගනු ලැබිය.

ඩාවේ නගරයේදී පොලිසිය විරෝධතාකරුවන් දෙසට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළේය.

එම වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙන්නේ යැන්ගොන්, ඩාවේ සහ මැන්ඩලේ යන නගරවල පැවති විරෝධතාවලට එක්වූ පුද්ගලයන් පිරිසක් වන අතර එහිදී වෙඩි වැදී තුවාල ලැබූ හා මියගිය පුද්ගලයන් රැගෙන යාමට සෙසු විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.

වෙඩි තැබීම්වලින් තුවාල සිදුවූ පිරිස 30 ඉක්මවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් තවදුරටත් එරට ජනතාව විථි වල විරෝධතාවයන් හී නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම විරෝධතාකරුවන් හට මිලිටරි හමුදාව විසින් බෝමිබ ප්‍රහාර සහ කදුළු ගෑස් එල්ල කර තිබේ.

Read more

Local News