ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයා සහ අගමැති අතර හමුවක් (ඡායාරූප)

Share

ඊයේ පස්වරුවේ ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයාගේ නිල සංචාරය අතරතුර මෙම හමුව සිදු විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගිතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව හා මත්‍ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පුරා විහිදී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් පුළුල් කළ හැකි බව ඉන්දීය හමුදා ප්‍රධානීවරයා පෙන්වා දුන් බවයි.

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බවයි.

May be an image of 1 person, standing and sitting
May be an image of one or more people, people standing and indoor
May be an image of 2 people and people standing
May be an image of 1 person and indoor
No photo description available.

Read more

Local News