අල්ලස් ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

Share

ඊයේ (03) දිනයේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ වරදක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය භාරයේ තිබූ මෝටර් රථයක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා මෙම සැරයන්වරයා රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇතිඅතර එය ලබාගන්නා අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙනඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම වසරේ සිදුකළ වැටලීම් 13කදී ගතවු කාලසීමාව තුළ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට ගෙනඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය සදහන් කරයි.

අල්ලස් හෝ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා තවදුරටත් පුළුල්ව මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බවද අල්ලස් කොමිසම පැවසීය.

Read more

Local News