ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 356ක් වාර්තා විය.

ඒ අතරින් 21 ක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 104කි.

මේ අතර ගම්පහ 63ක්,

රත්නපුර 35ක් ලෙසද ආසාදිතයින් වාර්තා වීය.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,226කි.

ඉන් 80,437 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර තවත් ආසාදිතයින් 3,305 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අ පවසයි.

මේ වන විට කොවිඩ් -19 ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 484ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්

Read more

Local News