ගත වූ පැය 24 ක කාලය තුළ රිය අනතුරුවලින් 15ක් මරුට

මෙරට දෛනිකව සිදුවන රිය අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.

මේ අතර ගත වු පැය 24 ක කාලයක් තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15ක් මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 06ක් පදිකයින් බව ඒ මහතා පැවසීය

05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති අතර , දෙදෙනෙකු ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය ගොස් තිබේ.

තවත් දෙදෙනෙකු පාපැදි සහ වෑන් රථ අනතුරුවලින් මියගොස් තිබේ.

ගතවු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 40 කි.