ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
බන්දුල ජයසේකර මහතා කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළේ ය.
ඩේලි නිව්ස් පුවත් පතේ කර්තෘ ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ද අයිලන්ඩ්, ද සන්ඩේ ලීඩර් වැනි පුවත්පත් වලද සේවය කර ඇති අතර මියයන විට ඒ මහතා 60 වැනි වියේ පසුවිය.