බස් රථයක් පෙරළී 12කට තුවාල

Share

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුර බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේදී සිදුවි තිබේ.

අනතුරින් පුද්ගලයින් 12ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර රෝහල සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News