දැයට එළිය ජනපති ප්‍රධානත්වයෙන් ගිරිබාවේදී ඇරඹේ

Share

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන දැයට එළිය වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කර තිබේ.

දැයට එළිය වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයීමට නියමිතයි.

මෙහිදී විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙන අතර නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.

Read more

Local News