දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News