කොවිඩ් එන්නත්කරණයෙන් වඳභාවයට පත්විය හැකිද ?

Share

මේ වන විට මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් මේ දක්වා එන්නත් 729562ක් ලබා දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ශ්‍රී ලංකාව තුල මේ වන විට භාවිත කරනු ලබන කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් පසුව වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසයි.

මත්පැන් පානය කිසිසේත් අනුමත නොකරන නමුත් මත්පැන් පානය කිරීම හෝ දුම්බීම නිසා කොවිඩ් එන්නතට බලපෑම් එල්ල නොවන බව ද මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පැවසීය.

මහාචාර්යවරිය මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ සංකුලතා ඇති වන එන්නත් කිසිම රටක ලියාපදිංචි නොකරන බවයි.

Read more

Local News