ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත තහනම් කිරිමට අවශ්‍ය නෑ : ලෝක සෞඛ්‍ය සංවිධානය

Share

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බවත් කොවිඩ් මර්දනයට මේ වනවිට භාවිතයට ගන්නා එන්නත් අතුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි.

Read more

Local News