බස්නාහිර සියලුම දහම් පාසල් අරඹන දිනය

Share

බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අප්‍රේල් 25 වනදා සිට ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අප්‍රේල් 25 වනදා දහම් පාසල් ආරම්භය සම්බන්ධයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණ ඇති බවය.

බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් 2026 ක් ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 6 ලක්ෂ 4,853ක් ඉගෙනුම ලබයි. ගුරුවරුන් 31,954 දෙනෙකු ඉගැන්වීම් කටයුතු සිදුකරන බවද පෙන්වා දෙයි.

No photo description available.

Read more

Local News