අගමැති හා බංග්ලාදේශ ජනපති අතර අද ද්වීපාර්ශවික සාකච්ඡා

Share

දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩකා අගනුවරදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා හමුවී ද්වීපාර්වික සාකච්ඡාවල නිරත විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම වාණිජ හා ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි.

2022 වසර වනවිට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සම්පූර්ණ වේ.

පසුගිය වසරවල බංග්ලාදේශයේ පවතින ආර්ථික වර්ධන වේගය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය ආයෝජකයින් රැසක් මේ වනවිට බංග්ලාදේශයේ ආයෝජනවල නිරතව සිටින බව සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් ඒකාබද්ධ උපදේශන කොමිසම ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇති බවයි.

දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකාබද්ධ උපදේශන කොමිසම ක්‍රියාත්මක වේ.

දෙදින සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළට ඊයේ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි. 

May be an image of aeroplane

May be an image of standing and outdoorsMay be an image of standingMay be an image of one or more people and people standingMay be an image of one or more people, people standing and flowerMay be an image of one or more people, people standing and headscarfMay be an image of one or more people, people standing, headscarf and outdoorsMay be an image of one or more people and people standing

Read more

Local News