හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයක සිරකර තැබූ රෝහල් සේවකයකු අත්අඩංගුවට

Share

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයක් තුළ පැයක් පමණ කාලයක් අගුලුදමා රඳවා තැබූ බවට මහරගම පොලීසියට පැමිණිල්ලක් ලැබි තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාල පැමිණිල්ල එම රෝහලේම සේවය කරන විකිරණ සේවකයින් දෙදෙනෙක් ට එරෙහිව ඉදිරිපත්කර ඇත.

ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

අනෙක් සැකකරු හැකි ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News