අප්‍රේල් 21 වන විට පාස්කු ප්‍රහාරය සදහා යුක්තිය ඉටු නොවුනොත් සිදුවන දේ

Share

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

කාදිනල් හිමියන් වැඩිදුරටත් සදහන් කළේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයක් පවත්වන බවයි 

දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ “ලබන මාසය එනම් අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් අපි 21 වන දා අපි කරන විරෝධය ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා කරන බව දන්වමි. විනිවිඳභාවයෙන් යුතු ක්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව අඩුම ගානේ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව එහි වැරදිකරුවන් ලෙස නම්කර ඇති සමහර අය උසාවිය ඉදිරියට ගෙන ඒමට 21කට කලින් මේ රජය කටයුතු නොකළහොත් අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නෑ.“ යනුවෙනි.

එමෙන්ම මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් පැවසුවේ යුක්තිය කෙරෙනවා දකින්න අවශ්‍ය බවයි.

Read more

Local News