රාජගිරියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරතවී තිබේ

ඔවුන් මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් ධාවනය කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Previous articleදිවයිනේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රි කාලයේ වැසි
Next articleමෙරට කොවිඩ් මරණ ගණන 551ක් දක්වා ඉහළට