හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් තරුණියක් මරුට (ඡායාරූප)

Share

අද උදෑසන 5.30 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඩෙවොන් වත්ත ප්‍රදේශයේදී වත්තල සිට නානුඔය දක්වා ධාවනය කළ ත්‍රිරෝද රථයක්,ලොරි රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙන බව වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නානුඔය කෙල්සිවත්තේ පදිංචි එස්.නිත්‍යා නැමති 25 හැවිරිදි තරුණියකි.

වත්තල සිට නානුඔය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වූ  ලොරි රථයක් මුහුණට මුහුණ ගැටි තිබිණි.

ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් දිඹුල පොලිසිය සදහන් කළේය.

Read more

Local News