රට හරි තැනට ගේන්න ආණ්ඩුව උත්සහ කරනවා : ඇමති දුමින්ද දිසානායක

Share

ජනාධිපතිතුමන්ට රට හදන්න ඕනකම තියෙනවා කියලා අපිට පේනවා.ජනාධිපතිතුමන් හා ආණ්ඩුව උත්සහ කරනවා මේ රට හරි තැනට ගේන්න. රට හදන වැඩේ කරන්න දේශපාලන අධිකාරියට පමණක් තනියම බෑ.නිළධාරීන්ගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යය කරනවා” යැයි රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඉපලෝගම ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්ය,මෙම රැස්වීම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අතර, එහිදී ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා පසුගිය සංවර්ධන කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

එහිදී නව රජය මගින් ක්‍රියාත්මක කරන සැමට විදුලිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වමින් නිළධාරීන්ට උපදෙස් ලබා දුන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,
මේ අවුරුද්දේ සැමට විදුලිය ලබා දීමේ වර්ෂය විදිහට අපේ බලාපොරොත්තුව සහ අරමුණ වෙලා තියෙන්නේ සෑම තැනකම විදුලිය තියෙන ස්ථානයක් බවට පත් කිරීමයි.

උදාහරණක් විදිහට කිව්වොත් හැම ගෙයක් ඉස්සරහම තමන්ට ඕන නම් විදුලිය ගන්න විදුලිය තියෙනවා කියන ප්‍රථිපත්තිය තමයි අපි අනුගමනය කරන්නේ,එහි පළමුවැනි අදියර විදිහට අපි, මීටර 50 ට අඩු විදුලි සම්බන්ධතා ටික අපි සිංහල හින්දු නව වසරට කලින් අපි ලබා දෙනවා. ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා මට්ටමින් සියලුම විදුලිය නොමැති නිවාස හිමියන් සමඟ පළමු රැස්වීම පවත්වනවා,ඒ වගේම 24 වැනිදා අපි ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ විදුලි බල මණ්ඩල අයදුම්පත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.

සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හරහා තමයි අපි මේ තොරතුරු ලබා ගෙන තිබෙන්නේ, සමෘද්ධී නිළධාරීන් හා දිසාපතිතුමන් ලබා දුන් තොරතුරු අතර වෙනසක් තිබෙනවා.ඒ නිසා තවත් අයදුම්පත්‍ර ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා.ඒ නිසා වෙනදා වගේ යැව්වේ මෙච්චරයි, ආයේ බෑ කියලා ඉතුරු ටික හරවලා යවන්න එපා,මට අදත් පැමිණිලි ආවා ලැයිස්තුවේ නෑ, ඒ නිසා අයදුම්පත් දෙන්න බෑ කියලා,මම සියලු ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට උපදෙස් ලබා දුන්නා, විදුලිය නොමැති සියලු දෙනාටම මේ අයදුම්පත්‍ර දෙන්න,අපි මේ හැමෝටම විදුලිය ලබා දෙන්න යනවා මිසක් සමෘද්ධි ලැයිස්තුවට විදුලිය දෙන්න යනවා නෙමෙයි.

ලැයිස්තු හැදුවේ හැමෝටම විදුලිය දෙන්න.කොහෙන් හරි කෙනෙක් මගහැරිලා තියෙනවා කියලා කාගෙවත් බෙල්ල මිරිකන්න අවශ්‍යය නෑ, ලැයිස්තුවේ නැති මනුස්සයාටත් අයදුම්පත්‍රය දෙන්න.විදුලිය දෙන වැඩේ කරන්නේ අපිනේ,ඒ නිසා අයදුම්පත්‍ර පුරවා ගන්න එකට ආයේ සීමා දාන්න එපා,ඒක කඩයක් වෙන්න පුලුවන්, ගෙයක් වෙන්න පුලුවන්, වත්තක් වෙන්න පුලුවන්, අපි තීන්දු කරන්නම් මොකටද දෙන්නේ ඉස්සරලා, මොකටද දෙන්නේ පස්සේ, කෝකටද සල්ලි වලට විදුලිය දෙන්නේ කියලා.දැන් මේ තොරතුරු ඒකරාශී කර ගැනීමේදී ලැයිස්තුවේ නෑ කියලා කළබල වෙන්න එපා, ඉල්ලන ඕනම කෙනෙකුට අයදුම්පත් දෙන්න, විදුලිය නැති නිසානේ ඉල්ලන්නේ,ඒ සියලු දෙනාට අයදුම්පත් දෙන්න,බැරි වෙලා හරි අයදුම්පත් ප්‍රමාණය ඉවර වුණොත් එහෙම නම් ලැයිස්තු හරි අරගෙන අපට ඒක දෙන්න,අපිට ඕන මේ තොරතුරු ටික ඒකාරාශී කර ගන්න.

අපි දැන් ලක්ෂ 3 ½ සීමාවේ නෑ, හැමෝටම විදුලිය ලබා දිය යුතුයි කියන පදනමේ අපි ඉන්නේ,සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ සමෘද්ධිලාභීන් හා සමෘද්ධි පොරොත්තු ලේඛණයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් මෙතක් කල් අය කරපු සම්බන්ධතා ගාස්තුව වුණු රුපියල් 20 000 කට ආසන්න මුදල අය කරන්නේ නැතිව මෙවර ආණ්ඩුවෙන් ඒ මුදල ලබා දීලා, නොමිලේම සමෘද්ධි සහ සමෘද්ධි පොරොත්තු ලේඛණයේ අයට විදුලිය ලබා දෙන්නේ.සමෘද්ධි ව්‍යාපාරය හරහා නිවාස වයරින් කර ගැනීම සඳහා සහනදායි ක්‍රමයකට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා,ඒ නිසා බලාපොරොත්තු වෙනවා සිංහල හින්දු නව වසරට ප්‍රථම මීටර 50 ක් ඇතුළත තියෙන සියලු විදුලි සම්බන්ධතා ටික ලබා දී අවසන් කරන්න.ඒ වගේම මේ වසර අවසන් වන විට ලංකාවේ තියන සෑම නිවසකටම, විදුලිය ඉල්ලන්නේ කාටද ඒ සියලු දෙනාටම විදුලිය දීලා ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ.

ඊට අමතරව විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෙනත් ගැටලු ලෙස පාර මැද තියෙන විදුලි කණු, වතු මැදින් යන විදුලි කණු , විදුලි රැහැන් ඉවත් කර ගන්න අවශ්‍යයි කියනවා, විදුලි ධාරිතාව මදි කියනවා,මේ වගේ විදුලි බලයට සම්බන්ධ ඕනම ඉල්ලීමක් හෝ යෝජනාවක් තියෙනවා නම් ඉල්ලීම් කරන්න පුළුවන් හැමදේම අපි මේ වසර තුළ කරන එක තමයි අපේ බලාපොරොත්තුව සහ වගකීම යැයි පැවසීය.

වැඩිදුරටත් නිළධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා පැවසුවේෙ “ආණ්ඩුවෙන් ගෙයක් හදන කොට අපි හිතනවා අපි තමයි තෝරන්න ඕන කියලා,අපිට ඡන්දය දුන්න කෙනා, අපිට හිතවත් කෙනා,අපි උදව්වක් කරන්න ඕන කෙනා,නිළධාරීන් මට්ටමින් නිළධාරීන් හිතන්න පුළුවන් නිළධාරියාට හිතවත් කෙනා තෝරන්න පුළුවන්,ඥාතියා වෙන්න පුළුවන්,ගමේ කෙනා වෙන්න පුළුවන්,මේ වගේ තමයි පහුගිය කාළයේ අපි වැඩ කරලා තියෙන්නේ, මේක තමයි ඇත්ත කථාව.අපි දැන් මේ යන්නේ එකම ක්‍රමවේදයකට හැමෝම එකතු වෙලා හරි වැඩක් කරන්න.එතකොට සමහර වෙලාවට මම අකමැති කෙනා වෙන්න පුලුවන්, මට විරුද්ධව ඡන්දය දුන්න කෙනා වෙන්න පුලුවන්, මට බැණපු කෙනා වෙන්න පුලුවන්,හැබැයි මේ නිර්නායක යටතේ කවුරු හරි ඉන්නවා නම් හොඳමයි කියලා කියන හැමෝම එකතු වෙලා එයාව තීන්දු කරන්නයි දැන් ක්‍රමවේදය හැදිලා තියෙන්නේ.දැන් එය මුළු ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.මේවා ක්‍රියාත්මක කරන කොට මුල් කාළය තුළ යම් යම් ගැටලු ඇතිවෙයි,දේශපාලන අධිකාරිය ගැටෙයි, නිළධාරීන් ගැටෙයි,මේවායේදී ලොකු ගැටුම් වලට යන්නේ නැතිව අවබෝධයෙන් කටයුතු කරන්න මුල් ටිකේ,ටික කාළයක් යන කොට ඕවාට පුරුදු වෙනවානේ, ගමේ මොන වැවද හදන්න ඕන,කොයි වැවටද ප්‍රමුඛතාවය දෙන්න ඕන,මේ සියලු දේ තීන්දු කරන්න ඕන අය තමයි නිළධාරීන්,දේශපාලඥයෝ වෙන අපි ඉන්නේ ඒවාට නායකත්වය දෙන්න පමණයි.හැබැයි දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා නිළධාරීන් දෙන ලැයිස්තුවත් හරිද කියලා බලන්න, අපි විශ්වාස කරනවා දේශපාලන අධිකාරිය විදිහට අදාළ රජයේ නිළධාරීන් ටික දුන්නේ හදන්න ඕනම, ගොවි මහත්වරුන්ගේ ඉල්ලීම් ටික, ගොවි මහත්වරුන්ගේ ප්‍රමුඛතාවය කියලා අපි විශ්වාස කරනවා,ආණ්ඩුවක් වැඩ කරන්නේ නිළධාරීන් එක්කනේ,නිළධාරීන්ම කියනවා නම් මේ දීලා තියෙන ලැයිස්තු වැරදියි කියලා,දැන් අපිට දෙපාරක් හිතන්න වෙනවා.එහෙම නම් කවුරුත් නිළධාරීන් ඕන නෑ,

අපිම ගිහින් ගොවි සංවිධාන කැඳවලා,නැන්දේ මේකේ කුඹුරු කීයක් තියෙනවාද? ගොවි මහත්වරු කීයක් ඉන්නවාද? අස්වැන්න කොහොමද? ඔය සේරම අහලා අපිම අහලා කරන්න ඕන,මේක අපි දෙගොල්ලම තේරුම් ගන්න ඕන කාරණයක්.මේදේ වෙන්නේ නැති නිසා තමයි අද මේ රට මේ තත්වයේ තියෙන්නේ.සංවර්ධනය කරන්න ඕන වැව් නිළධාරීන් තෝරනවාටත් මම විරුද්ධයි,ඒ වගේම ගොවි සංවිධාන කියන දේටත් මම විරුද්ධයි, ගොවි සංවිධානත් හැම පාරම බලන්නේ තමන්ගේ වැවේ මොනවාම හරි දෙයක් කර ගන්න මිසක්, ප්‍රමුඛතාවය කියන කාරණය නෙමෙයි. අපි හැමෝගාවම අඩුපාඩු තියෙනවා, මේ වර්ෂය හොඳ වර්ෂයක්, ජනාධිපතිතුමන්ටත් රට හදන්න ඕනකම තියෙනවා කියලා අපිට පේනවා,හැබැයි ඒත් එක්කම ඒකට එතුමත් එක්ක කීදෙනක් සහයෝගයෙන් ඉන්නවාද, නැද්ද කියලත් අපිට පේනවා,ඒ නිසා මේ ගමන යන්න ඕන කියලා හිතන කට්ටිය ඉන්නවා නම් මේක තමයි හොඳම වෙලාව, හරි දේ කරන්න, නිවැරදි දේ කරන්න,ඒ කරන දේ බොහෝම අවංකව කරන්න,වේගවත්ව කරන්න,ඕනකම තියෙනවා නම් මේක තමයි වෙලාව.ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා පරණ අඩුපාඩුකම්, පරණ ප්‍රශ්න, පරණ නෝක්කාඩු සේරම පැත්තකින් තියලා,අපි වැඩ කරමු.ජනාධිපතිතුමන් හා ආණ්ඩුව උත්සහ කරනවා මේක හරි තැනට ගේන්න,මේක ගේන්න නම් අපි අපි මැදිහත් වෙන්න ඕන,රට හදන වැඩේ කරන්න දේශපාලන අධිකාරියට පමණක් තනියම බෑ,නිළධාරීන්ගේ සහයෝගය අනිවාර්යෙන් ඕන කරනවා.ජනාධිපතිතුමන් ගම සමඟ පිළිසඳරකට යන හැම මොහොතකම,එතුමා උත්සහ කරනවා මේ රට හදන්න,හැබැයි යම් යම් තැන් වලදී අපිට පේනවා ඒ ගන්න උත්සහය අවසානයේ ක්‍රියාත්මක වෙලා නෑ කියන කාරණය.රජයේ නිළධාරීන්ගේ සහයෝගය ලැබෙනවා නම්,කාර්යක්ෂමව රාජ්‍යය සේවය කටයුතු කරනවා නම් ගැටලු නෑ, හැබැයි රජයේ නිළධාරීන්ටත් සමහර දේවල් කරන්න බැරි ප්‍රශ්න තියෙනවා,මේ රටේ අපිම අනුමත කරලා තියෙන අණ-පනත් මේවාත් අපි වෙනස් කර ගන්න ඕන යම්තාක් දුරකට,මේ සියල්ල අපි කර ගත්තාම අපිට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන, අපෙන් ඉල්ලපු දේ අපිට කර ගන්න පුළුවන්කම තියෙනවා” යනුවෙනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා, ඉපලෝගම ප්‍රාදේශීය සභා සභාපති නිහාල් තිලකවර්ධන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.

Read more

Local News