ඊයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 271ක් වාර්තා විය.

ඉන් 20 ක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 251 දෙනා දිස්ත්‍රික්ක 17 කින් හඳුනාගෙන ඇත.

ඊයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

ඒම ආසාදිතයින් ගණන 77කි.

මේ අතර කොළඹින් ආසාදිතයින් 64 දෙනෙක්, ගම්පහින් ආසාදිතයින් 27 දෙනෙක් ද ඊයේ හඳුනාගත් ගැණුනි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 91,289 දෙනෙකු වන අතර ඉන් 87,881 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් 2851 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

මේ අතර ඊයේ දිනයේදි කොවිඩ් – 19 ආසාදිත මරණ තුනක් වාර්තාවීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 869,000කට අධික පිරිසකට ලබාදී තිබේ.

ඊයේ (25) දිනය තුළ පමණක් පුද්ගලයින් 13,382  දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Read more

Local News