බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක් : සැකකරුවන් 1120ක් අත්අඩංගුවට

Share

ඊයේ(28) දිනයේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418ක් ඇතුළු සැකකරුවන් 1120ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 47ක් , අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 418ක් සහ දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 549ක් ඇතුළත් වන බව වාර්තා වෙයි.

Read more

Local News