ජනමාධ්‍යවේදින් සඳහා වට්ටම් කාඩ්පතක්

Share

ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්‍රදානය කිරිමේ උත්සවය ඊයේ (29) දිනයේ දි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැත්විය

මේ සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.දේශිය ව්‍යාවසායකත්වය ශක්තිමති කිරිමේ අරමුණින් මේම වැඩසටහන ආරම්භ කළ අතර මේ අවස්ථාවට එක් වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ,සෞභාග්‍ය දැක්ම යටතේ නව රජය විසින් දේශිය ව්‍යාවසායකයින් ලඟා සිටවිමට ක්‍රියා කරන බවයි.ඒසේම කොවිඩ් වසංගතය හමුවේද ව්‍යාවසායකයින් දිරිමත් කිරිමේ වැඩ පිළිවෙළක් වර්තමාන රජයට ඇති බවයි.එසේම ජනමාධ්‍ය වේදීන්ටත්, මේ රටේ ව්‍යාවසාය සංවර්ධන කිරිම සඳහා මෙ ඉදිරි පියවරක් වන බව ඇමතිවරයා සඳහන් කරයි.

වෙළඳ ආයතන 200කට වැඩි ප්‍රමාණයකින් මෙම වට්ටම් කාඩ්පත මඟින් ලබා ගත හැකි වන අතර මිට සමගාමිව අප්‍රේල් 01 දා සිට 11 දා දක්වා සියනෑ අවුරුදු මේලා 2021 වෙළද ප්‍රදර්ශය හා අප්‍රේල් 08 දා සිට 10 දක්වා රූපවාහිනි පරිශ්‍ර යේ දි පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය මඟින් ද මෙම වට්ටම් යටතේ භාණ්ඩ මිල දි ගැනිමට හැකි ය.

එසේම මෙම වට්ටම් කාඩිපත දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින 7000ක පමණ මාධ්‍ය වේදීන් සඳහා ද මෙම කාඩ්පත ලබා දීමට කටයුතු යොදා තිබේ. එසේම ජනමාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමිය සංවර්ධන බැංකුව මඟින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවිර,කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක ,හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් එහි ප්‍රධානීන් මේ අවස්ථාවට එක් විණි.

එසේම මෙම කඩ්පත සඳහා අනුග්‍රහය දක්වන ආයතන සඳහා ද සමරු ඵලක පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදු විණි.

Read more

Local News