උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Share

මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී  ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි නිරන්තරව වාර්තාවන අපරාධවලින් ආරක්ෂා වීමට විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලිසිය විසින් ජනතාවට දැනුම්දී තිබේ.

Read more

Local News