ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 141ක් වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,436ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් බවත් ඉතිරි 122 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවත් ය.

මේ අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය වන අතර එම ආසාදිතයින් ගණන 54 කි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 25 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක් ද වාර්තා වූ අතර ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

ආසාදිතයින් 90, 208 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2647 ක් පමණි.

ඊයේ (4) දිනයේ කොරෝනා ආසාදිත මරණ 2 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, මොරොන්තොට සහ පන්සියගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9,239 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ගෙවුණු දිනයේ තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 4208 කි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 4201 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛාව ද 923,954 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ පහතින්

Read more

Local News