බම්බලපිටිය ප්‍රදේශයේ සූදුපොළක් වැටලීමෙන් චීන ජාතික කතක් ඇතුළු 5ක් අත්අඩංගුවට

Share

කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා තිබේ.

එහිදි චීන ජාතිකයින් 5 ක් ද ඒ අතර චීන ජාතික කාන්තාවක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

එම ස්ථානයේ තිබී රුපියල් දසලක්ෂ අසූ අටදහසකට අධික මුදලක් සහ චීන යුවාන් 2600ක මුදලක් නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන තිබේ.

Read more

Local News