ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 177ක් හදුනා ගැණුනි.

ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,772 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි ආසාදිතයින් 158 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 31 කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 29 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වී ඇත.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

සමස්ත ආසාදිතයින් අතරින් 90, 708 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2476 ක් පමණි.

කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 588 ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, බිබිල සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101 ක් තුළ පුද්ගලයින් 10,236දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 4201 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 92,4536 ක් දක්වා ඉහළ යනු ඇති.

Read more

Local News