පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව අධ්‍යාපන ඇමති කියයි

Share

නාම මාත්‍රයෙන් පමණක් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවත් ඒ සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයිද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේ දී සදහන් කළේය.

2019 අප්‍රියෙල් 21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් රට තුළ නැවත ඇති නොවීමේ වගකීම රජය සතු බවත් මෙවන් විනාශයක් පැය 08ක් වැනි කෙටි කාලයක් තුළ සිදු බූ බව පැවසූ අමාත්‍යවරයා, නැවත එවැනි විනාශයක් සිදු නොවීමට රජය වග බලා ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.

සති ගණනක් හෝ මාස ගණනක් කල් ගත කරන්නේ නැතිව මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු ඇසීම සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කර දිනෙන් දින එම නඩු ඇසීමේ නිර්දේශයක්ද මෙම වාර්තාවේ ඇතැයිද පැවසූ අමාත්‍යවරයා, අග්‍රවිනිශ්චකාරවරයා සමග සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බවද කීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැවසුවේ, මෙම අනුකමිටුව පත් කළේ තවත් විමර්ශනයක් පවත්වමින් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට නොවන බවයි. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට පිටු අතිවිශාල සංඛ්‍යාවක් ඇතුළත් වන නිසා එම වාර්තාව කැබිනට් අනුකමිටුව මගින් අධ්‍යනය කර වඩාත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු කරුණු හඳුනා ගැනීමේ අරමුණ පමණක් මෙම අනුකමිටුව පිහිට වූ බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය,

එදා මාවනැල්ල සිද්ධියේදී නිවැරදිව නීතිය ක්‍රියාත්මක වුණි නම් මේ මහා විනාශය සිදු වෙන්නේ නැහැ. එදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වූ බවත් එම පොලිස් නිලධාරින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇති බවත් දේශපාලනය අධිකාරයකින් නියෝග ලැබුණි නම් ඒ වෙනුවෙන් කටයුතු කළ හැකියි. මේ සම්බන්ධයෙන් නඩු පැනවිය හැකි තත්වයන් ඇත් නම් ඒ සම්බන්ධයෙන් ඉක්මනින්න කටයුතු කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.

මද්‍රසා පාසල් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට මද්‍රසා පාසල් 365ක් පමණ ලියාපිදිංචි වී ඇති බවයි. ඊට අමතර තවත් මෙවැනි ආයතන කිහිපයක් ඇති බවත් මේ සඳහා යම් නියාමනයක් අත්‍යාවශ්‍ය බවයි.

වයස අවුරුදු 16ට අඩු ළමුන් එවැනි පාසල් වලට යැවිය නොහැකි බවද එය රටේ නීතියට පටහැනි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලැබිය නොහැකි යැයිද පැවසීය.

මේ නිසා දරුවන්ට රැකී රක්ෂාවකට යොමු වීමට හෝ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය . මෙම පාසල් වල උගන්වන විෂය මාලාව කුමක්ද, උගන්වන්නේ කවුද, මුදල් සපයාගන්නේ කෙසේද ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවද සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික නිර්දේශ රාශියක් මෙම පාස්කු වාර්තාවේ ඇතුළත් වේ. ත්‍රස්තවාදය මර්ධනය කිරිම සඳහා අද පැවැත්වෙන නීති ප්‍රමාණවත් නොවන අතර රටේ පවත්නා නිති රීති තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ තවත් වැදගත් යෝජනා වැඩපිළිවෙළක් යොදන බවද පැවසීය.

Read more

Local News