හෙරොයින් සමග ප්‍රදේශ කිහිපයකින් සැකකරුවන් 9ක් අත්අඩංගුවට

Share

  • ඊය‍ේ දිනයේ ග්‍රෑම් 36 කට ආසන්න හෙරෙයින් සමග ස්ථාන කිහිපයකදී සැකකාරියක ඇතුළු සැකකරුවන් 9ක් පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් සමග මැගසින් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල කාන්තාවගේ වයස අවුරුදු 40කි.

බොරැල්ලෙදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 37, 53 , 40, 29 යන වයස්වල පසුවන බොරැල්ල, දෙමටගොඩ , දෙහිඅත්තකණ්ඩිය, මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

තවත් සැකකරුවන් දෙදෙනකු ගල්කිස්ස පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 43 සහ 47 හැවිරිදි හොරණ සහ රත්මලානේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ග්‍රෑම් 6කට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 75,000ක මුදලක් ද සමග 37 හැවිරිදි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උරගස්මංහන්දියේදීය.

Read more

Local News