ඉන්දියාවේ ප්‍රාන්ත 05කින් කොරෝනා ආසාදිත ළමුන් ඉහළට

කොරෝනා ආසාදිත ළමුන් ඉන්දියාවේ ප්‍රාන්ත 05කින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රාන්ත 05න් වාර්තා වන කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව 79,688 වන අතර ඒ අතරින් කොවිඩ් ආසාදිත ළමුන් 60,684ක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඉන් ළමුන් 9,882ක් වයස අවුරුදු 05ට අඩු දරුවන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.