ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්

Share

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 34ක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 309 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 128 කි.

ඊට අමතරව, කොළඹින් ආසාදිතයින් 68 ක්

ගම්පහින් ආසාදිතයින් 39 ක් ලෙස වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94336ක් දක්වා ඉහළ ගියේ ය.

ඉන් පුද්ගලයින් 91,043 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2,699 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 593ක් දක්වා ඉහළ ගි‌යේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, දෙහිවල සහ කොන්ඩවිල් යන ප්‍රදේශවලිනි.

නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,899 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (08) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 5,555කි.

කෙරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 151 දෙනෙකුට එන්නත් ලබා දී ඇති අතර ඒ අනවු පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 924,758කි.

Read more

Local News