දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් තෙල් බවුසරයක් ගිනි ගනී

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

මෙම තෙල් බවුසරය පසු කර මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී එම වාහන දෙක එකිනෙක ගැටීමත් සමඟ බවුසරය මාර්ගයේ වම් පැත්තට ගැනීමේදී මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් රියැදුරු සහ සහායකයා තුවාල ලබා ඇති අතර එම දෙදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ගින්නත් සමග ම අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් තාවකාලිකව නතර කළ බව පොලිසිය සදහන් කළේය.

Read more

Local News