වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක්  සඳහා නායයෑමේ අවදානම මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අවදානම මතුව ඇති බව වාර්තා වේ.

එම දිස්ත්‍රික්කවල කඳු සහ බැවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News