හෙරොයින් සමග කතක් බොරැල්ලේදී අත්අඩංගුවට

Share

ඊයේ(16) දිනයේ උදෑසන බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර ප්‍රදේශයේදී කොළඹ දකුණ කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානයේ නිලධාරින් විසින් සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 245 මිලි ග්‍රෑම් 450ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 413350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34ක් වූ මැගසින් පාර බොරැල්ල ප්‍රදේශයේ පදිංච්කාරියකි.

සැකකාරිය අද දිනයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News