සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට සිට අරඹයි

Share

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතය.

කොරෝනා වෛසරයත් සමග පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලය වසා දමනු ලැබිය.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ , තාක්ෂණ පීඨයේ සිසුන් සදහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බවය.

විද්‍යා , භාෂා සහ භූවිඥාපන පීඨවල අධ්‍යන කටයුතු අප්‍රේල් මස 20 වැනි දිනත්, කළමනාකරණ අධ්‍යන පීඨයේ ඉගැන්වීම් කටයුතු 24 වැනි දිනත්, ආරම්භ කිරීමට නියමිත ය.

මෙම පීඨවල පළමු වසර සිසුන්, අධ්‍යයන කටයුතු අරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ ය.

Read more

Local News