ඇමෙරිකානු පොලිස් වෙඩි පහරකින් තවත් කළු ජාතික තරුණියක් ඝාතනය වෙයි

Share

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා තිබෙනවා. පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර තිබෙන අතර එයින් ඇය එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read more

Local News