අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් අද (01) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



