කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙක් ඊයේ දින උපකාරක පන්තියක සිටි තම පුතු කැටුව එමින් සිටිය දී පරණගම ඔයේ සැඩ පහරට හසු වී ජිවිතක්ෂයට පත් ව තිබේ.
ඒ අනුව කුලියාපිටිය පොලීසිය විසින් සිදුකළ සොයා බැලීමකට අනුව අද(10) උදෑසන අදාල පුද්ගලයාගේ මෘත දේහය පාවෙමින් තිබිය දී සොයා ගෙන තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට පවත්නා ජල තත්වය හේතුවෙන් ඔහු සමග සැඩ පහරට හසු වී ඇතැයි සැක කරන වයස අවුරුදු 11 ක පමණ පුතු තවමත් අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.