විවාදයට ප්‍රථම මහනුවර අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර උණුසුම් වාද විවාද ඇති වුණා.
ඉන් අනතුරුව විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථික ගැටලු වලට විසදුම් ලබා දීමට ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරන ලෙසයි.