සමගි ජන බලවේගය කොලඹට – මග දිගට බාධා කිරීම්, හරවා යැවීම් රැසක්

Share

සමගි ජන බලවේගයේ විරෝධතා රැලිය අද පස්වරු 02 ට කොලඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සාපය ඇති යනුවෙනුයි උද්ඝෝෂණ රැලිය සංවිධානය කර ඇත්තේ.

බොහෝ ස්ථාන වලින් විවිධ බාධා එල්ල වන බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පැවැත්විය යුතු බවට නියෝග නිකුත් කරන ලෙසට පොලිස් ස්ථාන 56 ක් ඊයේ දින අධිකරණයට ගියා.

පොලිස් ස්ථාන 56 න් 10 ක් කල ඉල්ලීමට අධිකරණ 10 කින් අවසර හිමි වුණා.

කෙසේ වෙතත් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ 09 ක් පොලිසිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ජනතා විරෝධය වැලැක්වීමට පොලිසිය සහ හමුදාව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.

එමෙන්ම සිය විරෝධතාවයට ජනතාව කොලඹට අනිවාර්යයෙන්ම පැමිණෙන බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News