ඡන්දය කල් දැමීමට අවශ්‍ය නොමැති බවත් ජනවාරි මස සුදුසු බවත් අගමැතිගෙන් ප්‍රකාශයක්

Share

ඡන්දය කල්දැමීමට අපට අවශ්‍යතාවක් නොමැති බවත් දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයත් නිසා සහ ඉන් පසු නත්තල නිසා ඒවාට අවහිර නොවන පරිදි ජනවාරි මස ඡන්දය පැවැත්වීමට සුදුසු බව පක්ෂ නායකයින්ගේ අදහස වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහනගර සභා මැතිවරණ සියල්ලම නව ක්‍රමයක් අනුව පැවැත්වීමට  ගරු සභාව තීරණය කර ඇති බව අප දන්නවා. ඒ අනුව මෙතෙක් පැවැති අනුපාත ක්‍රමය වෙනුවට කොට්ඨාශ ක්‍රමය කේන්ද්‍ර කර මිශ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදු නොවන ආකාරයට මේ නව ක්‍රමය දේශපාලන පක්ෂ බහුතරයක එකඟත්වයෙන් සකස් කළ එකක් බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් අදහස් දැක්වීය.

Read more

Local News