පාර්ලිමේන්තු කොවිඩ් පොකුර තවත් ඉහළට

Share

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 02 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ගත වූ සතිය තුළ දී පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 08 දක්වා ඉහළ ගියා.

ඊයේ (24) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත්තා.

ගත වූ දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණා.

සරත් වීරසේකර, ශානක්‍යන් රාසමානික්කම්, සාරතී දුෂ්මන්ත, නාලක කෝට්ටෙගොඩ, රෝහිණි කවිරත්න යන මන්ත්‍රීවරුන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ අතර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් සමාජයේ සිටිය හැකි බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ.

Read more

Local News