Tuesday, March 19, 2024.

බොරිස් ජොන්සන්ට ගෙදර යන්නයි ජනතාව ඉල්ලයි

Share

බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් සම්බන්ධව ලන්ඩන් නුවර මෙට්ට්‍රෝපොලිටන් පොලීසිය ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ කොවිඩ් සීමා උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදය පිළිබඳවයි.

බොරිස් ජොන්සන්ගේ උපන් දිනය වෙනුවෙන් මේ සාදය පවත්වා තිබෙනවා.

රටම ලොක්ඩවුන් නීති පිළිපදිද්දී අගමැතිවරයා කළ ක්‍රියාව දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඔහු ඉල්ලා අස්විය යුතු බවයි එරට සමහර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

එහෙත් තමන් ඉල්ලා අස් වන්නේ නැති බව අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙනවා.

Read more

Local News