ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භයට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔස්ට්‍රේලියානු පුහුණුකරුගේ ධුර කාලය කෙටි කාලයකට පමණක් දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් ජස්ටින් ලැන්ගර් මෙසේ එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.