කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ඇරඹේ

Share

Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සදහා මෙරට තෝරා ගැනීම හරහා ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකයට පණිවිඩයක් ලබා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ අද (16) සීගිරියේදී ආරම්භ වුණු Raid Amazone ත්‍රාසජනක වැඩසටහනට එක් වෙමිණි.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සඳහා ක්‍රීඩිකාවන් 600දෙනෙකු සහභාගි වෙයි.

අදියර දෙකක් යටතේ පැවැත්වෙන තරඟාවලියේ පළමු අදියර 14 වැනිදා සිට 22 වෙනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කවුඩුල්ල, මැදිරිගිරිය, වෑවල ,කන්ඩලම, සීගිරිය ,මහවිල්ගමුව ප්‍රදේශ ආශ්‍රිතව මෙම තරගාවලිය පැවැත්වෙයි.

තරගකාරිනියන් 253ක් සහ කාර්ය මණ්ඩලය 63ක් සහභාගීත්වයෙන් පළමු අදියර පැවැත්වෙන අතර දෙවන අදියර සඳහා තරඟකාරිනියන් 216 සහභාගි වෙයි. කාර්ය මණ්ඩලයේ 63ක් ඊට ඇතුලත් වෙති. කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍යවරුන් 06 දෙනෙක් සැපයුම් කාර්ය මණ්ඩලය ගලවාගැනීම් පිහිනුම් ක්‍රිඩකයින් ඡායාරූප සහ වීඩියෝ ශිල්පිහුද ඇතුලත් වෙති.

ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රිඩා තරඟමාලාවක් වන මෙම තරගාවලියට දිවීම, ඔරු පැදීම, මවුන්ටන් බයිසිකල් පැදීම, සිතියම් සහ මාලිමාවක් ආධාර කර ගිනිමින් රළු මාවතක් හරහා පයින් යෑම, දුන්නෙන් විදිම වැනි ක්‍රිඩා රැසක් ඊට ඇතුලත් වේ.

Read more

Local News