ප්‍රබල පෙළේ වෙඩි බෙහෙත් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට

කලක් තිස්සේ ආරක්‍ෂක අංශ මග හරමින් සිටි ප්‍රබල පෙළේ වෙඩි බෙහෙත් ජාවාරම්කරුවෙකු යුධ හමුදා බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2021.12.05 දින කිළිනොච්චි පරන්තන් ප්‍රදේශයේ පදිංචි සිවලිංගම් යුවරාජ් (25) නැමැති පුද්ගලයා වෙඩි බෙහෙත් ලබා ගැනීම සඳහා මෝටාර් බෝම්බයක් ග්‍රයින්ඩරයක් මඟින් කපමින් සිටියදී එය පුපුරා යාම හේතුවෙන් මිය යන ලද අතර, එම සිදුවීමෙන් ඔහුගේ බාල සොහොයුරා වූ සිවලිංගම් තිලක්‍ෂන් නැමැත්තා තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

මියගිය පුද්ගලයා එම වෙඩි බෙහෙත් පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේ පදිංචි ගේබ්‍රියෙල් මුත්තුලිංගම් නොහොත් රමේෂ් නැමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත එසේ කපා රමේෂ් නැමැත්තා හටම අලෙවි කිරීම සිදුකර ඇති අතර, යුවරාජ් නැමැත්තා මිය යාමෙන් පසු රමේෂ් නැමැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇත.

2022.03.23 වන දින යුධ හමුදා බුද්ධි අංශය වෙතින් සිදුකරන ලද මෙහෙයුමකදී කිලාලි ප්‍රදේශයේ පිහිටි නිවසක රහසිගතව සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන පලෙයි හා කිළිනොච්චි පොලිස් ස්ථාන වෙත භාරදී ඇත.

ඒ අනුව 2022.03.24 වන දින ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර අනතුරුව පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝග කර ඇත.



Previous articleඅද විදුලි කප්පාදුව සිදුවන ආකාරය
Next articleඅද මි.මී. 50ට වැඩි තරමක තද වැසි