ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා දිවයිනට

එස්. ජයශංකර්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ (27) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු අද(28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුන් හමුවීමට නියමිතව තිබෙනවා.