අපරාධ කල්ලි නායක කිඹුලා ඇල ගුණාගේ සමීපතම ගෝලයකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් අංශය I හි වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එන්.එල්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.04.20 වන දින බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය පාර, මෝදර, කොළඹ 15 ලිපිනයේ දී පැය 0050 ට රුසියාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක්, 9mm උණ්ඩ දෙකක් සහ පතුරම් ගැබ් එකක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මෝදර, කොළඹ 15 ලිපිනයේ පදිංචි වයස අවුරුදු 24 ක විමලසිංහන් ප්‍රාන්ජිත් ප්‍ර‍නාන්දු නමින් හැදින්වෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කිඹුලාඇලේ ගුණාගේ සමීපතම ගෝලයකු ලෙස තොරතුරු අණාවරනය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News