ස්මාර්ට් මිසයිලය අත්හදා බැලූ රුසියානු ජනාධිපති

Share

තමන් නව මහද්වීපික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති පවසනවා. මෙම මිසයිලය ස්මාර්ට් ලෙස නම් කර තිබෙනවා.

අන්තර් මහද්වීපික ඉලක්ක කරා සාර්ථකව මෙම මිසයිලයට ගමන් කළ හැකියි.

මෙහි න්‍යෂ්ටික හිස් දහයක් පමණ අඩංගුකර ඇතැයි රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසනවා.

මේ අතර මරියපෝල්හි භූගත උමං මාර්ගවල දස දහසකට වැඩි පිරිසක් සිරවී සිටින බවයි බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ.

සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කර තිබුනද ඉවත් කර ගැනීම ඉතා අපහසු වී ඇති බැවයි යුක්‍රේන බලධාරීන් අවධාරණය කරන්නේ.

ඊට හේතු වී ඇත්තේ රුසියාව නියෝජනය කළ සටන් විරාමය රුසියානු භටයින්ම කඩාකප්පල් කිරීමයි.

දළ වශයෙන් යුක්‍රේන ජාතිකයින් ලකෂයකට ආසන්න සංඛ්‍යාවක් මරියපෝල් නගරය තුළ සිරවී සිටිනවා.

මේ වන විට ගිලන්‍ රථ ඇතුළු ගලවා ගැනීම සදහා යැවූ රථද මරියපෝල් ආසන්නයේ නතර කර ඇති බවයි යුක්‍රේනය පවසන්නේ.

යුක්‍රේනයට බටහිර රටවලින් දිගින් දිගටම නවීන ආයුධ ගලා එමින් තිබෙනවා.

සැබෑවටම මේ යුධ ගැටුම අවසන් කිරීම සදහා තීරණාත්මක බලපෑමක් කිරීමට අද කිසිවෙකු ලෝකය තුළ දකින්නට නැහැ.

සාමය අවි ආයුධවලින් හදන්න පුපුළුවන් කියලා හිතන ලෝකයකයි දැන් අප ජීවත් වෙන්නේ.

Read more

Local News