අද මි.මී. 75 ට වැඩි තද වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල, මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News