ඊයේ සිට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 8 දක්වා ඉහළට

Share

අරලියගහ මන්දිරයේ සිට පැමිණ ඊයේ දින සාමකාමී විරෝධතාවයට පහර දුන් මොහොතේ සිට ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 300කට ආසන්න වී තිබෙනවා.

පහරදීම් වෙඩිතැබිම් සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් 05 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුත් මිය ගිය අය අතරට ඇතුළත්.

Read more

Local News